Saturday, 21 July 2012
දුර්වල පන්දු රැකීමෙන් ශ්‍රී ලංකාව පරාජය වැළඳ ගනීදුර්වල පන්දු රැකීම හේතුවෙන් සංචාරක ඉන්දියාව සමග පැවති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 21ක පරාජයක් අත්විය.
ඒ අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1 - 0ක් ලෙස ඉන්දීය කණ්ඩායම පෙරමුණ ගැනීමට සමත් විය.
හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේදි කඩුලු 6ක් දැවී ලකුණු 314ක් ලබා ගැනීමට සමත් විය.
විරාත් කෝලි සිය එක්දින ක්‍රිකට් දිවියේ 12වැනි ශතකය ලබා ගැනීමට සමත් විය.
එය ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් සිව්වැනි ශතකය වීමද විශේෂත්වයකි.
විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කෝලි ලකුණු 106ක් ලබා ගැනීමට සමත් විය.
ඉන්දීය ඉණිමේ පළමු කඩුල්ල ලකුණු 7දී දැවි ගියත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් විරේන්ද්‍ර ශෙවාග් සහ විරාත් කෝලි එක්ව ලකුණු 173 ක අගනා වටිනා සබඳතාවක් ගොඩනැංවීමට සමත් විය.
ඉන්දිය ඉණිම පුරාවටම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දුර්වල පන්දු රැකීම හේතුවෙන් උඩපන්දු කිහිපයක්ම ගිලිහි ගියේය.
එයින් වාසිය ලබාගත් ඉන්දීය පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිසි සේ පහර දෙමින් ලකුණු රැස් කර ගැනීමට සමත් විය.
විරේන්ද්‍ර ශෙවාග් ලකුණු 96ක් ලබාගත් අතර නායක මහෙන්ද්‍ර සිං දෝනි ලකුණු 50ක් ලබා ගත්තේය.
තිසර පෙර්රා පන්දුවාර 10කදී ලකුණු 70කට කඩුලු 3ක් දවා ගත් අතර ඇන්ජලෝ මැතිව්ස් හා නුවන් කුලසේකර අතරේ එක් කඩුල්ල බැගින් බෙදි ගියේය.
දැඩි ප්‍රහාරයකට ලක් වූ ලසිත් මාලිංගට කඩුලු දවා ගැනීමට නොහැකි විය.
ඔහුගේ පන්දුවාර 10 තුළ ලකුණු 83ක් ලබා ගැනීමට ඉන්දීය පිතිකරුවන් සමත්විය.
ලකුණු 315ක දැවැන්ත ඉලක්කයක් වෙනුවෙන් උපුල් තරංග හා ටී.එම්.ඩිල්ෂාන් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේය.
ශ්‍රී ලංකා ඉණිමේ පළමු කඩුල්ල ලෙස ටී.එම්.ඩිල්ෂාන් ලකුණු 6කට දැවී ගියේය.
එවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ 9ක් ලෙසයි.
දෙවන කඩුල්ල වෙනුවෙන් කුමාර් සංගක්කාර සහ උපුල් තරංග එක්ව ලකුණු 77ක සබඳතාවක් ගොඩනැංවුවත් එය තරගයේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.
ශ්‍රී ලංකා පිතිකරුවන් ඉන්දීය පන්දුයවන්නන්ට එරෙහිව ආක්‍රමණශීලිව පන්දුවට පහර දුන්නත් තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායම අතින් ගිලිහි ගියේය.
දක්ෂ පිතිහරඹයක නිරත වූ කුමාර් සංගක්කාර සිය එක්දින දිවියේ 14වැනි ශතකය ලබා ගැනීමට සමත් විය.
සංගක්කාර ලබාගත් ලකුණු ගණන 133කි.
වේගවත් ඉණිමක් දියත් කළ තිසර පෙරේරා පන්දු 28කදි ලකුණු 44ක් ලබා ගත්තේය.
ඊට හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් ඇතුලත් විය.
නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට නියමිත් පන්දුවාර 50 අවසානයේදි කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 293ක් පමණි.
පන්දු යැවීමේදි ඉර්ෆාන් පතාන්, උමේෂ් යාදිව් සහ රවිචන්ද්‍රන් අශ්වින් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.
තරගයේ වීරයා සම්මානය ඉන්දියාවේ විරාත් කෝලිට හිමිවිය.
දෙරට අතර මීළඟ තරගය ලබන 24වැනිදා හම්බන්තොටදී පැවැත්වීමට නියමිතය.
Tag: ශ්‍රී ලංකාව, ඉන්දියාව, 1වන එක්දින තරගය
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment