Saturday, 21 July 2012
නිමල් ලක්ෂපතිආරච්චිගේ අවසන් කටයුතු ලබන සදුදා
අභාවප්‍රාප්ත නිමල් ලක්ෂපතිආරච්චි මහතාගේ දේහය මේ වනවිට ඔහුගේ නිවසේ තැන්පත් කර තිබේ.
ඔහුගේ අවසන් කටයුතු ලබන සදුදා පස්වරුවේ බොරැල්ල කනත්තේදි සිදුකිරීමට නියමිතය.
මෙරට රූපවාහිනි හා ගුවන් විදුලි ක්ෂේත්‍රවල ප්‍රවීණයෙකු වූ ඔහු ඊයේ අභාවප්‍රාප්ත වුණේ කොළඹ පෞද්ගලික රෝහලකදීය.
නිමල් ලක්ෂපතිආරච්චි මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා දේශපාලඥයින්, කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු විවිධ පාර්ශව කොළඹ, බුලර්ස් පටුමගේ පිහිටි නිවසට පැමිණෙමින් සිටී.
මියයන විට 58වැනි වියේ පසු වූ ලක්ෂපතිආරච්චි මහතා දරුවන් දෙදෙනෙකුගේ දයාබර පියෙකි.
1954 වසරේ නොවැම්බර් 22වැනිදා උපන් නිමල් ලක්ෂපතිආරච්චි මහතා, කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයේ සහ කොළඹ, ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් මාධ්‍ය ජීවිතය ඇරඹූ ඔහු දිවයිනේ ප්‍රමුඛ පෙලේ ආයතන රැසකට සම්බන්ධ වී මාධ්‍ය ක්ෂේත්‍රය ඔප්නැංවීමට කැපවිය.
අලුත් අත්දැකීම් සොයා ගිය ආදර්ශමත් මාධ්‍යවේදියෙකු වූ ඔහු සිරස මාධ්‍ය ජාලයේ ද ඉහළ තනතුරු රැසක් හෙබවිය.
නිමල් ලක්ෂපතිආරච්චි මහතා කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය.
වරක් ඔහු කැපිටල් මහරාජා සංවිධානයේ හොදම විධායක නිලධාරියා ලෙසද සම්මානයෙන් පිදුම් ලැබිණි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment