Friday, 20 July 2012
පාසල් සිසුවියක පැහැරගෙන යාමට උත්සාහ දැරූ තරණයා මරුට
පාසල් ශිෂ්‍යාවක පැහැරගෙන යාමට උත්සාහ දැරූ තරුණයෙකු එම සිසුවියගේ පියා විසින් සිදුකළ පිහි පහරකින් මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.
මෙම සිදුවීම අද දහවල් 2.15 ට පමණ ඇහැලියගොඩ ජාතික පාසල ඉදිරිපිටදී සිදුව ඇතැයි පොලීසිය පවසා ඇත.
අදාළ තරුණයා විසින් පිහියක් පෙන්වා සිසුවිය බියවද්දා පැහැරගෙන යාමට උත්සාහ දරා ඇති අතර එම මොහොතේ සිසුවියගේ පියා විසින් තරුණයා අත තිබූ පිහිය උදුරාගෙන ඔහුට ඇන තිබේ.
මෙම පිහි පහරින් සිසුවිය පැහැරගෙන යාමට උත්සාහ දැරූ තරුණයා මියාගොස් ඇති බවත් මොහු විසින් කලට සිට සිසුවියට බලපෑම් කර ඇති බවත් පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ඇහැලියගොඩ, තලහගමුල ප්‍රදේශයේ පදිංචි 18 වියැති තරුණයෙක් බවද වාර්තා වේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment