Friday, 20 July 2012

බැටිමෑන් මංගල දර්ශනයේ 'සජීවී' මරණ 14ක් බැටිමෑන් චිත්‍රපටයක ප්‍රථම දර්ශනය සිදුවූ එක්සත් ජනපදයේ ඩෙන්වර් නගරයේ සිනමා ශාලාවකට කඩාවැදුණු තුවක්කුකරුවෙක් ප්‍රේක්ෂකයින්ට වෙඩිතබා 14දෙනෙකු මරා දමා ඇතැයි වාර්තා‍ වේ. The Dark Knight Rises නම් බැට්මෑන් චිත්‍රපටය තිරගත වෙමින් තිබියෙදී අවුරෝරා සිනමා ශාලාවට ඇතුල් වූ තුවක්කුකරුවා ගෑස් වෙස්මුහුණක් පැළඳ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් සිද්ධියෙන් 50දෙනෙකුට පමණ තුවාල සිදුවී ඇති බවත් සඳහන් වේ. චිත්‍රපටයේ වෙඩි තැබීම් සිදුවන අවස්ථාවක මෙම සිදුවීම හටගෙන ඇති බැවින් ඇති වූ පිපුරුම් ශබ්ද පිළිබඳව ප්‍රේක්ෂකයින් පළමුවෙන් සිතා ඇත්තේ ඒවා සිනමා ශාලාවේ විශේෂ ශබ්ද ප්‍රයෝග ලෙසය.

No comments:

Post a Comment