Sunday 22 July 2012

නිරුවත් වෙන්නේ බලාගෙනයි - කැමරා ඇස් හැම තැනම

නිමි ඇදුම් ප‍්‍රදර්ශනාගාරයන්වල ඇති ඇදුම් මාරු කරන කාමරවල (Fit-on rooms) රහසිගතව කැමරා සගවා තබා එම කාමර පාවිච්චියට ගන්නා කාන්තාවන්ගේ නිරුවත වීඩියෝ ගත කොට නොයෙකුත් විශමාචාර කි‍්‍රයාවන්ට යොදා ගන්නා කි‍්‍රයාවලියක් පවතින බව පොලිස් ආරංචි මාර්ග පවසයි. පසුගියදා ගම්පහ නගර මධ්‍යයේදී ඝාතනයට ලක්වූ ප‍්‍රසිද්ධ නිමි ඇදුම් ප‍්‍රදර්ශනාගාරයක හිමිකරුගේ මරණයට හේතුවද එවැනි රහසිගත වීඩියෝ ගත කිරීමක් යැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. පොලිස් විමර්ශනයන් වලින් අනාවරණය වී ඇති ආකාරයට ගම්පහ පොලිස් ස්ථානයට මීටර් 50 ක් පමණ දුරකින් පිහිටා ඇති ප‍්‍රසිද්ධ නිමි ඇදුම් ප‍්‍රදර්ශනාගාරයේ හිමිකරු විසින් තම ආයතනයෙන් ඇදුම් මිලදී ගැනිමට පැමිණි තරුණ කාන්තාවකගේ නිරුවත ඇදුම් මාරුකරන කාමරයේ (Fit-on room)රහසිගතව සවිකර තිබූ කැමරාවකින් විඩියෝ ගත කර ඇත. පසුව එම වීඩියෝව ප‍්‍රසිද්ධ කරන බවට තර්ජනය කර එම කාන්තාව සමග අනියම් ඇසුරක් ගොඩනගා ගෙන ඇති අතර එම කාන්තාව වෙනත් පුද්ගලයන්ට විකිණීමටද උත්සාහ දරා ඇත. මෙම බලහත්කාරි කි‍්‍රයාව ගැන දැනගත් අතවරයට පත් කාන්තාවගේ සොහොයුරා තවත් පුද්ගලයෙකු සමග පැමිණ ගම්පහ නගර මධ්‍යයේදී තම සොහොයුරියව අපහරණය කල නිමි ඇදුම් ප‍්‍රදර්ශනාගාරයේ හිමිකරුව කඩු වලින් කපා ඝාතනය කර ඇත. මීට පෙරද තම නිවස අසල ජීවත්වූ තරුණියකගේ පෞද්ගලිකත්වය රහසින් නිරීක්ෂණය කරන්නට ගිය තරුණයෙකු එම තරුණියගේ පියා විසින් අටවා තිබූ විදුලි උගුළකට හසුවීමෙන් මියගිය පුවතක් ගම්පහ ප‍්‍රදේශයෙන්ම වාර්තා විය.

2 comments:

  1. hoda wede wenna ona.....neethiya kriyathmaka nethi thena kele neethiya hisa osawanawa etha....

    ReplyDelete
  2. wewani aparada karuwanta nisi daduwam nithiyen itu nowana thana mewwani de viya hakiya

    ReplyDelete