Monday, 30 July 2012
ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ජනබලයක් ගොඩනගනවා - ටිල්වින් සිල්වා
ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ජනබලයක් ගොඩනනගන බවත් ඒ සඳහා වැඩකරන ජනතාව, ගොවියෝ, ධීවරයෝ, වගේම ශිෂ්‍යයෝ, ගුරුවරු, දෙමව්පියෝ මේ සියල්ලන්ම ජවිපෙ වටා එක්වෙමින් ඉන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
ඒ මහතා ඒ බව පැවසූවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරල ලද 'ජනතාව පෙලන පාලනයට එරෙහි ජන පෙලගැස්ම' රථ පෙළපාලිය අතරතුරදීය. මේ වන විට එම පෙළපාලිය කුරුණෑගල නගරය පසුකර ඇති අතර එහිදී අඹුඩ ඇඳගත් ගොවින් පිරිසක්ද පෙලපාලිය සඳහා එක්ව ඇත. ඒ අවස්ථාවේදී ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා දැක්වූ අදහස් පහත පළ වේ.
"ඔබ කවුරුත් දන්නවා අද අපි කුරුණෑගලට ආවේ පසුගිය 27 දෙවුන්දරතුඩුවෙන් ආරම්භ කර පේදුරුතුඩුවට ගමන් කරන අති දැවැන්ත ජන පෙළගැස්මේ එක් අවස්ථා විදියටයි. වර්තමාන ආණ්ඩුවේ හැම ජන කොටසක්ම පීඩාවට පත්කරලා තියෙනවා. වැඩකරන ජනතාව, ගොවියෝ, ධීවරයෝ, වගේම ශිෂ්‍යයෝ, ගුරුවරු, දෙමව්පියෝ මේ සියල්ලම මහින්ද රාජපක්ෂ පාලනය නිසා අද පීඩාවට පත් වෙලා ඉන්නවා. ඒ පීඩාවට පත්වුණු අපේ රටේ සියලු ජනතාව දැනුවත් කිරීමට, අවදිකිරීමට, පෙළගැස්වීමට තමයි අද ලංකාවේ ඉතිහාසයේ පළමු වතාවට නිර්මාණය කරන ලද දැවැන්තම සහ දීර්ඝතම රථ පෙළපාලිය ආරම්භ කරලා තියෙන්නේ. දවස් තුනක් තිස්සේ අතිසාර්ථකව පවත්වපු මේ ජන පෙළ ගැස්මේ 04 වෙනි දවසේ ඇතුගල් පුරයේ ජනතාව හමුවෙන්න, අමතන්න අද ජනතා විමුක්ති පෙරමුණ ඇවිත් තියෙන්නේ.
මාතර, ගාල්ල, කළුතර, කොළඹ, ගම්පහ, කෑගල්ල දිස්ත‍්‍රික් පහුකරලා ආව මේ ගමනේදී අපි හිතුවට වැඩි ජනතා ප‍්‍රසාදයක් ජනතා විමුක්ති පෙරමුණට ලැබුණා. අපිත් එක්ක දකුණේ ධීවර ජනතාව අත්වැල් බැඳගත්තා ඉන්ධන සහන දෙනවා කියලා රවටපු ආණ්ඩුව ගෙදර යවන තුරු ජවිපෙ සමග ඉන්නවා කියලා. අපි කොළඹට එනකොට අපේ රටේ වැඩකරන ජනතාව රටේ තියෙන විශාලම වෘත්තීය සමිති ව්‍යාපාරය ජවිපෙ නායකත්වය යටතේ ජනතාව සමග අරගල කරන්න අත්වැල් බැඳගත්තා. අපි අද උදේ කුරුණෑගලට එනවිට අපේ රටේ වත්මන් ආණ්ඩුවෙන් පීඩාවට පත්වෙලා ඉන්න වතුර නැතුව, සහන නැතුව, වන්දි නැතුව, විශ‍්‍රාම වැටුප නැතුව අපහසුතාවයට පත්වෙලා ඉන්න රටේ විශාලතම ජන බලවේගය වන ගොවි ජනතාව ජවිපෙ සමග අත්වැල් බැඳගත්තා. ඒ නිසා අපිට විශ්වාසයි මේ සටන මහින්ද රාපක්ෂ පාලනය ගෙදර යවලා ජනතා පාලනයක් ගොඩනගන තෙක් ඉදිරියට යනවා කියලා. අපේ රටේ වඩාත් දුෂ්කරතාවයට පත්වෙලා ඉන්නේ ගොවි ජනතාව. මේ ආණ්ඩුව ගොවියන්ට මොන තරම් බොරු කිව්වද. මහින්ද රාජපක්ෂ කුරහන් සුවඳ හඳුනන ගොවි ජනතාවගේ නියෝජිතයෙක් කියලා කිව්වා. කුරහන් සාටකේ දාගෙන ගොවි ජනතාව ගැන මහ ඉහළින් කතා කරපු මහත්තයා අද ගොවියා වහ බොන තත්වයට පත්කරලා තියෙනවා. අද ගොවියා මහ පාරේ අරගල කරන තත්වයට පත්කරලා. මඩ හෝදාගත් කළ ගොවියා රජෙක් කිව්වට අපේ රටේ ගොවියට වගා කරන්න තියා මඩ හෝදාගන්නවත් ගොවියට වතුර පොදක් නැති කරලා තියෙනවා මේ ආණ්ඩුව. ඒ නිසා ගොවි ජනතාවට අයිති ඉහළම සම්පත මේ ආණ්ඩුව බහුජාතික සමාගම්වලට විකුණන්න පටන් අරගෙන තියෙනවා.
අද මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කි‍්‍රයා කරමින් ඉන්නේ අධිරාජ්‍යවදීන්ගේ ප‍්‍රතිපත්තිවලට අනුව. ගොවියගේ ඉඩම් ටික ඔවුන්ගේ දූදරුවන්ට දෙනවා වෙනුවට බහුජාතික සමාගම්වලට විකුණමින් ඉන්නවා. පොළොන්නරුවේ අක්කර 5000ක භූමියක් දුන්නා. මහවැලියේ ගොවීන්ට ඉඩම් නැහැ. මොණරාගලින් අක්කර 2500ක් ඩෝල් සමාගමට දුන්න. තාප්පේ ගහනවා ඇමරිකාවට යට නොවෙමු කියලා නමුත් රටේ ඉඩම් ටික ඇමරිකාවට යටවෙලා ඔවුන් කොම්පැනිවලට දෙනවා.
සංචාරක කර්මාන්තය මුවාවෙන් වැව්ටික විනාශ කරනවා. ගොවියට වතුර ගන්න වැව සී ප්ලෙන් බානවා. රනිල් වික‍්‍රමසිංහ ගෙනාපු රිගේනින් ශී‍්‍ර ලංකා වැඩපිළිවෙලේ ප‍්‍රතිපත්ති මහින්ද රාජපක්ෂ මහත්තයා කි‍්‍රයාවට නගමින් ඉන්නවා. කෘෂිකර්මාන්තයෙන් වී ගොවිතැන ඉවත් කරන්න හදන්නේ. ලංකාවේ කෘෂිකර්මාන්තය පාලනය කරන්නේ බහුජාතික සමාගම්වලින්. ගොවිජනතාව බහුජාතික සමාගම්වලට බිලි දීපු ආණ්ඩුවක් මේක. ඒනිසා අපේ ගොවිජනතාව තමන්ගේ අයිතිය වෙනුවෙන්, ඉඩම්වල අයිතිය වෙනුවෙන්, මාතෘ භූමියේ අයිතිය වෙනුවෙන් මේ ආණ්ඩුවට එරෙහිව ගොවියන් සටන් වදින්න සූදානම් කියලා අද ඔප්පු කරලා තියෙනවා. අපි සහතික කරලා කියනවා පේදුරුතුඩුව දක්වා යන මේ ගමනේ හමුවන සහයෝගය දෙන ගොවියන්, ධීවරයන්, කම්කරුවන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, බුද්ධිමතුන් එක්කරගත් දැවැන්තම ජනබලවේගය නිර්මාණය කරනවා කියලා.
කල්පනා කරලා බලන්න මේ ආණ්ඩුවට එරෙහිව සියලූම ජනතාව අරගල කරා. පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුපට විරුද්ධව පෞද්ගලික අංශයේ සේවකයින් පාරට බැස්සා. ජවිපෙ වෘත්තීය සමිතිය ඒ සටනට නායකත්වය දුන්නා. දස දහස් ගණනක් සේවකයින් ජීවිත පූජා කරලා රාජපක්ෂ ආණ්ඩුව පරාජය කළා. ඊට පස්සේ ජොනී ගෙනාපු කූඩ නීතිය අපේ රටේ ගොවියා පාරට බැහැලා සටන් කරලා ඒක පරාජයට පත් කළා. ඒ වගේම තමයි මේ ආණ්ඩුව අධ්‍යාපනය විනාශ කරමින් ඉන්නවා. අධ්‍යාපන ඇමති බාන දරුවන්ගේ අනාගතය විනාශ කරමින් ඉන්නවා. ඒ වෙනුවෙන් සටනක් තියෙනවා. පහුගිය දවස්වල ජනතා විමුක්ති පෙරමුණ ඒ වෙනුවෙන් සටන් කරා. මේ රටේ ජනතාව දෙමව්පියෝ බාරට බැස්සා. ආණ්ඩුව පස්සට තල්ලු කරන්න එයින් හැකිවුණා. අන්තිමට ආණ්ඩුව උසස් පෙළ දරුවන්ගේ ඉසෙඞ් ලකුණු අවුල් කළා. ඒ නිසා අපේ රටේ විශ්වවිද්‍යාලවලට තේරුණු සිසුන්ට සිද්ධ වුණා සියලුම දරුවන් විශ්වවිද්‍යාලවලට ඇතුලත් කරගනිල්ලා නැත්තනම් බැහැලා පලයල්ලා කියලා කියන්න.
අපේ රටේ බුද්ධමත්තු විශ්වවිද්‍යාල ආචාර්යවරු පාරට බැහැලා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සාමාන්‍ය කම්කරුවාගේ සිටි විශ්වවිද්‍යාල ආචාර්යවරයා දක්වා මහපාරට ඇදලා දාලා තියෙනවා. ඒක හොඳයි මහපාරේ සටන තමයි ජයග‍්‍රහණය කරන්නේ. ඒ ජනතා බලවේගය තමයි දකුණේ සිට උතුරට සංවිධානය කරන්නේ. පහුගිය කාලේ අපේ රටේ ජනතාව කිව්වා මේ ආණ්ඩුව එපා වෙලා තියෙන්නේ ඒත් ආණ්ඩුව ගෙදර යවන්න හොද විපක්ෂයක් නැහැ කියලා. ඒ විපක්ෂය කිව්වේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වැඩි ආසන ගානක් තියෙන එක්සත් ජාතික පක්ෂයට. එජාපේ අභ්‍යන්තර ප‍්‍රශ්න නිසා ඇදවැටිලා. හැබැයි ජවිපෙ අපි තේරුම් අරගෙන තියෙනවා මේ ආණ්ඩුව ගෙදර යවලා සාධාරණ සමාජයක් ගොඩනගන්න ඇත්ත බලය තියෙන විපක්ෂයක් නිර්මාණය කරන්න ඕන කියලා. ඒ විපක්ෂය රටේ ගොවීන්, ධීවරයින්, කම්කරුවන්, ශිෂ්‍යන්, කාන්තාවන් තරුණයින් එකතු කළ සටන් මධ්‍යස්ථානයක් විය යුතුයි. ඒ මධ්‍යස්ථානය නිර්මාණය කරන්න තමයි මේ උද්ඝෝෂණ මාලාව පටන් ගත්තේ. අපි විශ්වාස කරනවා මේ දුර්දාන්ත පාලනය එලවලා දමන සටන් මධ්‍යස්ථානය නිර්මාණය කරන උද්ඝෝෂණ මාලාව තමයි මේ ආරම්භ වෙලා තියෙන්නේ. ඉතාමත් ශක්තිමත්ව ඉදිරියට යනවා. සියලු දෙනාගේ සහයෝගය අපිට තියෙනවා. එයත් සමග ජයග‍්‍රහණය තෙක් යන්න ලෑස්තියි.
වත්මන් ආණ්ඩුව ජනතාව මත දැවැන්ත බදුබරක් පටවලා තියෙනවා. කිරිපිටිවලට බදුගහලා, තෙල්වලට බදු ගහලා, සීනීවලට, අලගෙඩියට බදුගහලා හම්බ කරනවා. ඒ මුදල් විවිධ දේවල් වලට විනාශ කරමින් ඉන්නවා. දැයට කිරුල ප්‍රෝඩාවට කෝටි 2000ක් විනාශ කරනවා. හැබැයි ගොවියගේ වී ටික මිලදී ගන්න වෙන් කරන්නේ කෝටි 500ක් පමණයි. මහින්ද රාජපක්ෂ කියුබාවේ, බ‍්‍රසීලයේ යන්න ගුවන් යානා වෙන්කරගන්නවා. පහුගිය වසරේ එයාර් ලංකා පාඩුව රුපියල් කෝටි 1900ක්. කවුද මේ පාඩුව දරන්නේ මහා භාණ්ඩාගාරය. මුළු පවුලම යන්නේ උඩින්. පාර කාපට් කරාට ඒ අය උඩින් යන්නේ. සභාපති මහින්ද මහත්තයාගේ මස්සිනා. අතේ
බඳින ඔරලෝසුව ලක්ෂ 40ක් කියලා පත්තරේ දාලා තිබුණා. රටේ මහජන මුදල් නාස්ති කරන්නේ එහෙම.
ඒ අතරේ බාල අපරාධ වැඩිවෙලා, ස්ත‍්‍රී දූෂණ වැඩිවෙලා, තරුණයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා. රටේ කටුගෙය හොරු කඩපු යුගයක අපි ජීවත් වෙන්නේ. හොරු අල්ලන්න බැරිවුණා. පොලීසියට උඩින් තමයි හොරු ඉන්නේ. ආණ්ඩුවේ නගරාධිපතිවරු, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු අපරාධවල ප‍්‍රමුඛයින් වෙමින් ඉන්නවා. හොරකම් කරනවා, පගා ගහනවා. අද මේක වසන්ගතයක් වෙලා. මේ ආණ්ඩුව ජනතාවට වසන්ගතයක් වෙලා. මේ ආණ්ඩුව ගෙදර යවනවා හරෙන්න වෙන උත්තරයක් නෑ. ඒ වගේම තමයි ජනතාවට සහන දෙන සාධාරණ සමාජයක් ජනතා පාලනයක් ගොඩනගන්න ඕන. ඒ සඳහා තමයි අපි මේ සටන් කරන්නේ. අපි සහතික කරලා කියනවා. මේ සටන ජනතා විමුක්ති පෙරමුණට උපත දිපූ දකුණෙන් ආරම්භ කළා. ඒ ගමන පේදුරුතුඩුවෙන් අවසන් කරන කොට දැවැන්ත ජනබලවේගය ගොඩනගනවා කියලා අපි කියනවා. ඒ වගේම තමයි මේ රටේ සමාජය වෙනස් කරන අත්තිවාරම දානවා කියලා අපි සහතික කරනවා. ආණ්ඩුවේ මාධ්‍ය මුනිවත රකිමින් ඉන්නවා. මේ සටන් යටගහන්න උත්සාහ කරමින් ඉන්නවා. හැබැයි ආණ්ඩුවේ ඇමතිවරු කීපදෙනෙක් ජවිපෙ පෙළපාලියේ ප‍්‍රචාරක කාර්යභාරය කරමින් ඉන්නවා. කතා නොකර ඉන්න බැරි විදියේ උද්ඝෝෂණයක් ජවිපෙ ආරම්භ කරලා තියෙන්නේ. එය ජයග‍්‍රහණයෙන් කෙළවර කරන්න ජවිපෙ සමග එක් වෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment