Sunday, 29 July 2012

විදුහල්පති ඝාතනයේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

ගාල්ල, යක්කලමුල්ල, මිනුවන්දෙනිය කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ සැකකරුවන් අද බද්දේගම වැඩබලන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ අවුරුදු 18, 20 හා 21 වයසැති තරුණයින් තිදෙනෙකු සහ 46 හැවිරිදි කානතාවකි. මේ අතර වැඩබලන මහේස්ත්‍රාත්වරය අද පස්වරුවේ අපරාධය වූ ස්ථානය නිරීක්ෂණය කළේය. මීට අදාළ මහේත්‍රාත් පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්විය. ඊයේ පස්වරුවේ මෙම විදුහල්පතිවරයා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරුණේ ඔහුගේ නිවස අසලදීය. පහරදීමෙන් විදුහල්පතිවරයාගේ පුත්‍රයා ද බරපතල තුවාල ලැබිණි. ආරවුලක් දුරදිගයාමෙන් ඝාතනය සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ ක‍ළේය. සිද්ධියට සම්බන්ධ තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. ‍ මෙහි ප්‍රධාන සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි ද පොලිසිය සඳහන් කළේය. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබේ

No comments:

Post a Comment