Sunday 29 July 2012

ඉසෙඩ් අගයට එරෙහි විරෝධතාවකට පොලිසියෙන් බාධා

ඉසෙඩ් ලකුණු ගැටලුවට විසඳුම් නොදීමට එරෙහිව දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සංවිධානය කළ විරෝධතාවක් පොලිසියි විසින් අද වළක්වනු ලැබිණි. දෙහිඅත්තකණ්ඩිය ඔරලෝසු කණුව ආසන්නයේදි මෙම විරෝධතාව පැවැත්වීමට ජාතික යොවුන් පෙරමුණේ සහ සරසවි යොවුන් පෙරමුණේ සාමාජිකයින් පැමිණ සිටියදී එම ස්ථානයට පොලිස් නිලධාරීන් පැමිණියේය. විරෝධතාව සංවිධානය කර තිබුණේ ඉසෙඩ් ලකුණු ගැටලුව නිසා දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිසුවියක වස පානය කළේ යැයි පැවසෙන සිද්ධියකට අදාළවයි. මේ අතර උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගය යළි නිකුත් වීමෙන් පසු අසාධාරණයට ලක් වූ සිසුන් පිරිසක් අද පෙරවරුවේ බණ්ඩාරවෙල නගරයේ විරෝධතාවක නිරත විය. මෙම විරෝධතාවට ඌව පළාතෙන් පසුගිය උසස් පෙළ විභාගහට පෙනී සිටි සිසුන් පිරිසක් සහභාගි විය. ඔවුන් බලධාරීනගෙන් ඉල්ලා සිටියේ තමන්ට සාධාරණයක් ඉටු කර දෙන ලෙසය. මේ අතර පසුගිය උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගය යළි නිකුත්වීමෙන් පසු අසාධාරණයට ලක් වූ ළමුන්ගේ තොරතුරු ලබා ගැනිමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. එහි ලේකම් අචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සදහන් කළේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් මෙම කටයුතු සිදුකරන බවය. ඒ අනුව එලෙස හදුනාගන්නා සිසුන් සම්බන්ධයෙන් සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුලත් කර ගැනිම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කරන බව ද ඔහු සදහන් කළේය. ලේකම්වරයා අවධාරනය කළේ උසස් පෙළ ඉසෙඩ් අගය යළි නිකුත් කිරිම හේතුවෙන් කිසිදු ළමයෙකුට අසාධාරණයක් සිදුවිමට ඉඩ නොතබන බවය

No comments:

Post a Comment