Wednesday 22 August 2012

රත්මලානේ පුද්ගල ඝාතනයට 15ක් ඇවිල්ලා

රත්මලාන ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රියේ කඩාවැදුණු පිරිසක් තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදු කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සෙඳහන් කළේ, ඝාතකයින් හඳුනා ගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ක්‍රියාත්මක කර ඇති බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසූවේ, අද අලුයම 2 - 3ත් අතර කාලයේදී අදාළ නිවසට කඩා වැදී ඇති 15 දෙනෙකුගෙන් පමණ වූ සන්නද්ධ පිරිසක් ගෙහිමියාට වෙඩි තබා කපා කොටා ඝාතනය කර ඔහුගේ බිරිඳට තියුණු අයුධවලින් පහර දී තුවාල සිදු කර ඇති බව ය. කලක සිට පැවති ආරවුලක් එම ඝාතනයට හේතුවන්නට ඇතැයි, පොලිසිය පවසයි.

No comments:

Post a Comment