Thursday, 23 August 2012
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ නි. ඇමති ඉල්ලා අස්වීමට තීරණය කරයි
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සභාපති බසීර් සේගුදාවුද් මහතා සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
සිය තීරණය පිළිබඳව ජනාධිපතිතුමාට ලිපියකින් දන්වන සේගුදාවුද් මහතා කියා සිටින්නේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මැතිවරණ කටයුතුවල නිරතවීම සඳහා මෙම තීරණය ගත් බවයි.
තනි පක්ෂයකින් මැතිවරණයට මුහුණ දෙන්නේ නම් රජයේ සම්බන්ධයකින් තොරව මුහුණ දිය යුතු බව සේගුදාවුද් මහතා පෙන්වා දෙයි.
ඔහු ජනාධිපතිතුමාට යැවූ ලිපියේ දැක්වෙන්නේ, රජයේ සම්පත් හා කීර්ති නාමය උපයෝගි කර ගනිමින් නැගෙනහිර පළාත් සභා මැතිවරණ කටයුතුවල නිරතවීමට අදහස් නොකරන බවය.
පිරිසිදුවම මුස්ලිම් කොංග්‍රස් මැතිවරණ කටයුතුවල නිරතවීය යුතු බැවින් මෙම තීරණය ගත් සේගුදාවුද් මහතාගේ ලිපියේ සඳහන් ය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment