Wednesday 8 August 2012

පැය 2යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක්

2යි විනාඩි 15 ක කාලයක් විදුලි සැපයුම අත්හිටුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. නොරොච්චෝලෙයි ලක්විජය ලබාගාරය ක්‍රියා විරහිත වීම ඊට හේතුවයි. ඒ අනුව දිවයිනේ ප්‍රදේශ කාණ්ඩ හතරකට බෙදා විදුලි සැපයුම අත්හිටුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය දැනුම්‍ දී සිටී. පළමු කාණ්ඩය යටතේ උදෑසන 8.30 සිට පෙරවරු 10. 30 දක්වාත් දෙවන කාණ්ඩය යටතේ පෙරවරු 10. 45 සිට පස්වරු එක් දක්වාත් විදුලි සැපයුම අත්හිටුවනු ඇති. තුන්වන කාණ්ඩයට අයත් ප්‍රදේශ සඳහා පස්වරු 1.00 සිට පස්වරු 3.15 දක්වා විදුලිය අත්හිටවන අතර සිව් වැනි කාණ්ඩය සඳහා විදුලි සැපයුම අත්හිටුවන්නේ පස්වරු 3.15 සිට පස්වරු 5.30 දක්වායි. විදලි බල හා බලශක්ති අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ලක්විජය බලාගාරයේ සිට වේයන්ගොඩ දක්වා දිවෙන ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ දෝෂය හේතුවෙන් බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය ස්වයංක්‍රීයව ක්‍රියාවිරහිත වූ බවයි. මේ හේතුවෙන් බලාගාරයේ සියලු අංශ ක්‍රියාවිරහිත කිරීමට සිදුවූ බව ද එහි සඳහන්ය. පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ගයක් ලෙස එම පියවර ගත් බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. ලක්විජය බලාගාරය අක්‍රිය වීම හේතුවෙන් මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට අහිමිව තිබේ. සම්ප්‍රේෂණ මාර්ගය හා බලාගාරය යථා තත්ත්වයට පත් කිරීමට විශේෂ ඉංජිනේරු කණ්ඩායමක් පියවර ගනිමින් සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

No comments:

Post a Comment