Saturday 15 June 2013

ඩෙංගුවා බලවත් වෙයි : ගුවනින් බේත් ඉසින්න සල්ලි නෑ

ඩෙංගු මර්දනය සඳහා කියුබානු බි.ටී.අයි. බැක්ටීරියාව යොදා නොගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. මෙම බී.ටී.අයි. බැක්ටීරියාව ගුවනින් ඉසීමට කැබිනට් මණ්ඩල අනුමැතිය නොලැබුණ බැවින් මෙම තීරණය ගෙන තිබේ. මෙම බැක්ටීරියාව ගුවනින් කුඩා ඉඩ ප්‍රමාණයකට ඉසීමට රුපියල් කෝටියකට අධික මුදලක් වැය වෙන බවත්, එය එකවරක් නොව කීපවරක් ඉසිය යුතු බවත් හෙලි වී තිබේ. මෙය ශ්‍රී ලංකාව වැනි රටකට කිසිසේත් දැරිය නොහැකි වියදමක් බැවින් එයට කැබිනට් අනුමැතිය නොලැබුණ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතා සඳහන් කළේය. කියුබානු රජයෙන් බී.ටී.අයි. බැක්ටීරීයාව නොගත්තද ඩෙංගු මදුරු මර්දනය සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම ලබා ගැනීමට කටයුතු කරන බවද හෙතෙම කීය.

No comments:

Post a Comment