Wednesday 8 August 2012

මත්තල ගුවන්තොටුපොළ හොරපාරෙන් තයිසෙයි සමාගමට

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ටෙන්ඩරයකින් තොරව තයිසෙයි (THAISEI) බහුජාතික සමාගමට ලබාදී ඇතැයි ගුවන්තොටුපල අභ්‍යන්තර ආරංචිමාර්ග අනාවරණය කරයි. ජාත්‍යන්තර තලයේ ගුවන්තොටුපොළක් ඉදිකිරීමේදී එක් පෞද්ගලික සමාගමකට දීම සිදු නොවන බවත් ඒ සඳහා ටෙන්ඩර් දැමීමක් සිදුවිය යුතු බවත් මෙම ගුවන්තොටුපොළේ ඉදිකිරීම් කිරීම් සඳහා ටෙන්ඩර් දැමීමට බලාපොරොත්තුවෙන් සිටි සමාගම් ගණනාවක් පවසන බවද වාර්තාවේ. ඒ අනුව ශ්‍රී ලංකා ආණ්ඩුවට ජාත්‍යන්තර තලයේ සමාගම් ගණනාවක් ඔවුන්ගේ අප්‍රසාදයන් පළ කරමින් සිටින බවත් වාර්තාවේ. මෙවැනි විශාල මූල්‍ය ගනුදෙනු විනිවිදභාවයකින් සහ පැහැදිලි තාවයකින් යුතුව සිදුකළ යුතුව ඇත. කොමිස් මුදල්වලට යටවී සිදුකරන මෙවැනි ගනුදෙනුවලදී රටට සිදුවන හැනියට වගකියන්නේ කවරෙක්ද? මෙම ගනුදෙනුවේ තවත් තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

No comments:

Post a Comment