Monday 3 June 2013

රූමතිය ක්‍රීඩකයාගේ කාමරයේ රාත්‍රියක් හිටියා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි


මුදලට තරග පාවාදීම පිළිබඳ නවතම හෙළිදරව්ව මෙන්න
මෙරට පැවැත්වුණු තරගාවලියක් අතර තුර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු රැඳී සිටි හෝටල් කාමරයට සුරූපී තරුණියක් ගොස් රාත්‍රිය ගත කොට නැවත පැමිණෙන දර්ශන ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ලබාදුන්නත් එය ඉවත් කර ගන්නා ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට බලපෑම් කර ඇතැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති, අයි.එස්. බින්ද්‍රා කර තිබෙන නවතම හෙළිදරව්වත් සමග නැවතත් ක්‍රිකට් ලෝකයම කැළඹී තිබේ.
බ්‍රින්ද්‍රා විසින් සිය නිළ වෙබ් අඩවිය මගින් හෙළිදරව් කරන පරිදි සිදුවීම මෙසේයි.
2010 වසරේදී ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරය අතර තුරදී ඉන්දීය කණ්ඩායම රැඳී සිටි හෝටලයට මෙම සුරූපී තරුණිය එක් රාත්‍රියක ඇතුළු වී තිබෙන්නේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නිළධාරියෙකු සමගයි.
ඇය ක්‍රීඩකයෙකුගේ කාමරයට ගොස් රාත්‍රිය ගතකර නැවතත් පැමිණෙන දර්ශන හෝටලයේ කැමරාවල සටහන් වී තිබුණු බව බින්ද්‍රා මෙහිදී පවසා තිබේ.
මෙම ක්‍රීඩකයා ඉතාමත් ප්‍රසිද්ධ අයෙකු බවත් ඔහු පසුගිය ඉන්දීය ප්‍රීමියර් ලීග් තරග සමයන් හයේදීම චෙන්නායි සුපර් කින්ග් කණ්ඩායම නියෝජනය කළ බවත් මෙම වාර්තාව කියයි.
එකළ ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති හෙයින් අදාළ හෝටලයේ සෑම තට්ටුවකම ආරක්ෂක කැමරා සවිකර තිබුණු බවත් ඉන්දීය කණ්ඩායමේ ආරක්ෂාව භාරව විශ්‍රාමික හමුදා නිළධාරියෙකු කටයුතු කළ බවත් සඳහන්ය.
මෙම සිදුවීම පිළිබඳ දර්ශන පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ලබාදුන්නද ඒවා ඉවත් කරගන්නා ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය බලපෑම් කළබව මෙහිදී බින්ද්‍රා අනාවරණය කර තිබේ.
මෙම තරුණිය මෙම ක්‍රීඩකයාගේ කාමරයට යවා තිබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් බුකිකරුවන් ලෙස නම්කර තිබෙන ලයිස්තුවට අයත් පුද්ගලයෙකු විසින් බව වැඩිදුරටත් සඳහන්ය.
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරග සමයේදී මුදලට තරග පාවාදුන් බවට ඉන්දීය ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගත් අතර ඉන්දීය නළුවෙකු වන වින්ඩු ඩාරා සිං විසින් පවසා තිබුණේ බුකිකරුවන් දෙදෙනෙකු විසින් ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් කණ්ඩායමක හිමිකම ලබා ගැනීමටද කටයුතු කර තිබෙන බවයි.
පහත ඡායාරූපයේ සිටින්නේ බින්ද්‍රායි

No comments:

Post a Comment