Monday, 13 August 2012

උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර අදත් අවුල්

උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් තවදුරටත් අපහසුතාවට පත් කරමින් අද (13) පැවැති භෞතික විද්‍යාව 2 වන ‍කොටස ප්‍රශ්න පත්‍ර‍යට ද සංශෝධනයක් එවා ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි. අදාළ සංශෝධනයත් සමග මෙවර උසස් පෙළ විභාගය ආරම්භ කළ දිනයේ සිට වාර්තා වු සිව්වැනි සිද්ධිය මෙය බව එම සංගමයේ‍ ලේකම් ‍ජෝසප් ස්ටාලින් මහතා පෙන්වාදෙයි. මෙසේ සිසුන් දැඩි අපහසුතාවට පත්වීම නිසා ඔවුන්ට විභාගයට නිසි පරිදි යහපත් මානසිකත්වයකින් යුතුව මුහුණදීමට නොහැකි වන බව ඔහු අවධාරණය කරයි. උසස් පෙළ වැනි විභාගයකදි දිගින් දිගටම මෙවැනි වැරදි සිදු නොවිය යුත්තක් බවත් මෙවැනි වැරදි සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරින් කුමන ක්‍රියාමාර්ගයක් ගන්නේදැයි ඔහු ප්‍රශ්න කරයි.

No comments:

Post a Comment