Wednesday, 1 August 2012

ජනපෙළගැස්මට උතුරේදී උණුසුම් පිළිගැනීමක්. මෙය රාජපක්ෂ පාලනයේ පළමු පරාජය බව ජවිපෙ කියයි.

27 වෙනි දින දෙවුන්දරින් ආරම්භ කළ ජනතාව පෙළන පාලනයට එරෙහි ජන පෙළගැස්ම අද (01) දින පේදුරුතුඩුවෙන් අවසන් විය. යාපනය නගරයට පැමිණි ජවිපෙ නායකයින් දෙමළ ජනතාව විසින් උණුසුම් අයුරින් පිළිගත්හ. ජවිපෙ නායකයින්ගේ සහභාගිත්වයෙන් මැදවච්චිය වව්නියාව, කිලිනොච්චි හරහා යාපනය නගරයට පැමිණි රථ පෙළපාලිය යාපනයේදී අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් සහ රැස්වීමක් පැවැත්වීය.
එහිදී අදහස් දැක්යූ ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා. අපි ඔබලා හමුවෙන්න ආවේ අලුත් සටන් ව්‍යාපාරයක් ආරම්භ කරලා. උතුරේ සිට දකුණට අලුත් පණිවිඩයක් අරන් තමයි ජවිපෙ උතුරට ආවේ. දකණෙන් ආරම්භ කරපු ජනපෙළගැස්ම අද ජයග්‍රාහී ලෙස යාපනය නගරයට ළඟා වුණා. විරෝධතා රථ පෙළපාලිය රටේ ප්‍රථම වතාවට පවත්වපු දිගම විරෝධතා ව්‍යාපාරය ලෙස වාර්තා ගත වෙලා තියෙනවා. ආණ්ඩුව උත්සාහ කළා මේ ගමන නවත්වන්න. නමුත් මහින්ද රාජපක්ෂ පරාජයට පත්වුණා. මේ පළමු පරාජය පමණයි. ඉදිරියට පරාජයන් වැලක් රාජපක්ෂ පාලනයට අත් වෙනවා.
වව්නියාවේදී පැවැති රැස්වීමේදී අදහස් දැක්වූ අනුර දිසානායක මහතා. කාලයක් ඛෙදා වෙන්කර සිටි සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරත්වය එකම රතු කොඩියක් යටතේ ඒකරාශී කිරීමෙන් ඓතිහාසික කාර්යභාරය ජනතා විමුක්ති පෙරමුණ ඉතා සාර්ථකව කි්‍රයාත්මක කරමින් සිටිනවා. දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා ජනතාව පෙළ ගස්වමින් යන මෙය රථ පෙලපාළියට වවුනියාවේ සිටින සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවන් ඉතා සහෝදරාත්මක උණුසුම් ප්‍රතිචාර දැක්වූවා. අපි ඒ ශක්තිය රැගෙන පේදුරුවතුඩුව දක්වා ගමන් කරනවා. මේ රටේ අද කි්‍රයාත්මක වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නොවේ. රාජපක්ෂගේ ඒකාධිපති පාලනයක්. ප්‍රජාතන්ත්‍රවාදී හකුළුවා දමන පාලනයක්. උතුරේ වගේම දකුණේ ගොඨාබයගේ මැරකල්ලි, සුදුවෑන් කල්ලි කි්‍රයාත්මක වෙනවා. වවුනියාව බන්ධනාගාරයේ රඳවා සිටි තරුණයෙකු අමානුෂික ලෙස ඝාතනය කළා. ලෝකයේ මොන රටේ ද මෙහෙම දේවල් සිදු වෙන්නේ. බන්ධනාගාර ගතකර සිටින මිනිසුන්ගේ ජීවිත පිළිබඳ රජය වගකිව යුතුයි. නමුත් අද ඒ ආරක්ෂාව නැති කර තිඛෙනවා. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී රාජපක්ෂ පාලනයට තව දුරටත් ඉඩ දෙනවා දැයි අපි ජනතාවගෙන් ප්‍රශ්න කර සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ ජීවත් වීමට තිඛෙන ඉඩකඩ හකුළුවා දමන රාජපක්ෂ පාලනයට තවදුරටත් ඉඩ දෙනවාද? නිදහස් අධ්‍යාපනය සහ ජනතාවගේ සෞඛ්‍ය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මේ ආණ්ඩුව සමත්වී නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් අපි කවුරුත් මේ පාලනයෙන් එක සේ පීඩනයට පත් වී සිටිනවා. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය අවසන් කළ යුතුයි. ධනපති පාලනය අවසන් කළ යුතුයි. දෙවුන්දර තුඩුවේ සිට ජනතාව දැනුවත් කරමින් පත්‍රිකා ඛෙදමින් ජනහමු පවත්වමින් ජනතාව දැනුවත් කිරීමේ කි්‍රයාවලියට ජනතා විමුක්ති පෙරමුණ අවතීර්ණ වී සිටින්නේ ඒ නිසයි. මේ පාලනය යටතේ අද කොළකෑලි වලින් අයිතිවාසිකම් දිනා ගන්න බෑ. අරගල කළ යුතු වෙනවා. සටන් කළ යුතු වෙනවා. මේ දුෂ්ඨ ඒකාධිපති පාලනය ජනතා අරගල වලින් වෙනස් කළ යුතුයි. එයට නායකත්වය දිය හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි. රනිල් වික්‍රමසිංහ මහත්තයගේ එක්සත් ජාතික පක්ෂයට මේ ජනතා සටන වෙනුවෙන් නායකත්වය දෙන්න බෑ. ජනතාවගේ මූලික අයිතිවාසිකම ස්ථාපිත කරන්න එක්සත් ජාතික පක්ෂයට බෑ. ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගන්න එක්සත් ජාතික පක්ෂයට බෑ. අඩුම ගානේ එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙන්නවත් රනිල් වික්‍රමසිංහ මහත්තයා සමත් වෙලා නැහැ. ඊළගට තිඛෙන්නෙ පොදු ජනයාගේ සටන. ඒ වෙනුවෙන් අපි ඒකරාශී වෙමු. සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරත්වය ගොඩනගමු. සටන් වැදීමට පෙළ ගැසෙමු. http://www.blogger.com/blogger.g?blogID=7904849375144864167#editor/target=post;postID=444333019161988843;onPublishedMenu=allposts;onClosedMenu=allposts;postNum=0;src=link
වව්නියාවේදී පැවැති රැස්වීමේදී අදහස් දැක්වූ රාමලිංගම් චන්ද්‍රසේගර් මහතා.

No comments:

Post a Comment