Thursday, 9 August 2012

පූසාගේ දිවි බේරිමට ගොස් අයෙකු මරුට: 4ක් රෝහලේ

අලව්ව, ටිරිහෙළිය ප්‍රදේශයේ ළිඳක් තුළ සිහිසුන් වූ පුද්ගලයින් පස් දෙනෙකු අතුරින් එක් අයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රී 7.00ට පමණ අනතුර සිදුව ඇති බවයි. ළිඳට ඇද වැටුණු බළලෙකු ගොඩගැනීමට පුද්ගලයකු ළිඳට බැස ඇති අතර ඔහු ශ්වසන අපහසුතාවකට ලක්ව සිහිසුන් වී තිබේ. පසුව ඔහු ගොඩ ගැනීමට ළිඳ තුළට ගිය තවත් පුද්ගලයින් සිව් දෙනෙකු ද සිහිසුන්ව ඇති බව පොලීසිය පැවසීය. පසුව සියලුදෙනා අලව්ව රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව එක් අයකු මියගොස් තිබේ. මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි

No comments:

Post a Comment