Thursday, 9 August 2012
නි. අමාත්‍යවරයකුට එරෙහිව පැමිණිල්ලක්
ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි දෙකහමාරක් ඉල්ලා බලපෑම් කළ බවට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
ඔහු පැවසූවේ, ගම්පහ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක ඉදිකිරීම් ගැටලුවකින් තොරව සිදුකිරීම සඳහා එම මුදල ඉල්ලා ඇති බවට නිවාස සංකීර්ණයේ හිමිකරු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි.
ඉන් රුපියල් ලක්ෂ 50ක මුදලක් නියෝජ්‍ය අමාත්‍යවරයාට ලබාදුන් බවට පැමිණිල්ලේ දක්වා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගෙන් කළ විමසීමකදී ඔහු තමන්ට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර සිටියේය.
මෙලෙස පදනම් විරහිත චෝදනා එල්ල කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ඔහු කියා සිටියේය.
අදාළ නිවාස ව්‍යාපෘතිය පළාත් පාලන ආයතනයක නිසි අවසරයකින් තොරව ඉදිකරන්නක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment