Friday 10 August 2012

මහනගර සභා නිලධාරින් 5කගේ වැඩතහනම්

රුපියල් ලක්ෂ 70කට ආසන්න වරිපනම් බදු මුදලක් වංචා කළ බව පැවසෙන අනුරාධපුර මහ නගර සභාවේ නිලධාරින් 5 දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ. අනුරාධපුර නගරාධිපති එච්.පී. සෝමදාස මහතා ප්‍රකාශ කළේ, වරිපනම් බදු අංශයේ දේපළ තහනම් කිරීමේ නිලධාරීන් සිව්දෙනෙකු හා අදායම් බදු අංශයේ පරිගණක විෂය ලිපිකරුවකුගේ සේවය එලෙස අත්හිට වූ බවයි. මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සඳහා උතුරුමැද පළාත් විගණන අංශයට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන බව ද නගරාධිපතිවරයා සඳහන් කළේය. ඔහු කියා සිටියේ ඊයේ තමාට ලද ලිඛිත පැමිණිල්ලකට අනුව කළ මූලික විමර්ශනයක් අනතුරුව අදාළ නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බවයි.

No comments:

Post a Comment