කිසියම් පිරිසක් ගාල්ල, යක්කලමුල්ල, දේවගිරි වතුයායේ වැටුප් ගෙවීමට රැගෙන යමින් සිටි රුපියල් ලක්ෂ 11 ක මුදලක් කොල්ල කා පලාගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අද දහවල් එම මුදල් රැගෙන ගිය සේවකයෙකුට වෙඩි තබා එම කොල්ලකෑම සිදුකර ඇති බවයි.
සිද්ධියෙන් තුවාල ලැබු ඔහු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
කොල්ලකරුවන් සොයා පරික්ෂණ ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
No comments:
Post a Comment