Friday, 10 August 2012

තෙල් සංස්ථාවට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

ලංකා ඛනිජතෙල් සංස්ථාවට නව සභාපතිවරයකු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර ඇත. ඒ අනුව, නව සභාපතිවරයා ලෙස පත් කෙරුණේ තිලක් කොල්ලුරේ මහතා ය. අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස සුසන්ත සිල්වා, හාන්ස් විජේසූරිය, නලින් පැටිකිරිකෝරාල යන මහත්වරු පත්වූහ. හිටපු සභාපති දයානන්ද විදානගමාච්චි මහතා සහ සෙසු අධ්‍යක්ෂරුන් වන ලක්ෂ්මන් ගුණවර්ධන, මෙත්සිරි විජේගුණවර්ධන හා චම්පිකා අමරසේකර යන මහත්ම මහත්මීන්ගේ අල්ලා අස්වීම හේතුවෙන් නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කෙරිණ. ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුනේ විෂය භාර අමාත්‍යවරයා විසින් අදාළ පත්කිරීම කරන ලද බව ය.

No comments:

Post a Comment