Tuesday, 14 August 2012

පඹහින්න ගිනි ගනී

බලංගොඩ, පඹහින්න කන්ද රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ. රත්නපුර දිස්ත්‍රික් අපදා කළමනාකරණ වැඩබලන සහකාර අධ්‍යක්ෂ ලසන්ත නීලසිරි මහතා පැවසුවේ, මේවන විට ගින්න හල්පේ සහ පුවක්ගහවෙල දක්වා පැතිරී ගොස් ඇති බවයි. ඊයේ පස්වරුවේ හටගත් ගින්නෙන් මේවන විට රක්ෂිතයේ අක්කර 150 ක් පමණ විනාශ වී ඇති බව ඔහු සඳහන් කළේය. නීලසිරි මහතා පැවසූවේ, ගින්න මැඩපැවැත්වීම සඳහා වන සංරක්ෂණ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව ක්‍රියාකරමින් සිටින බවයි.

No comments:

Post a Comment