Tuesday, 14 August 2012

ෆුකුෂිමා බලාගාරය අවටින් අසාමාන්‍ය සමනළුන් හමු වෙයි

විකිරණ කාන්දුවකට ලක් වු ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය පිහිටි ප්‍රදේශයෙන් අසාමාන්‍යයෙන් සමනළයින් හමූ වි තිබේ. බීබීසී ලෝක සේවය වාර්තා කළේ, පසුගිය වසරේ විකිරණ කාන්දුව සිදුවීමේන් පසු ෆුකුෂිමා ප්‍රදේශයෙන් කළ අධ්‍යනයකින් එම එම සමනළයින් හමු වූ බවයි. එම සමනළයින් දෙපා සාමාන්‍ය ප්‍රමාණයට වඩා දිගුන් යුක්ත බවත් ඔවුන්ගේ ස්පර්ශේන්ද්‍රිය සහ පියාපත් ද අනෙක් සමනළුන්ට වඩා වෙනස් ස්වරූපයක් ගන්නා බවත් අදාළ අධ්‍යනය කළ විද්‍යඥයෝ පෙන්වා දෙති. ෆුකුෂිමා බලගාරයේ විකිරණ කාන්දුව සිදුවීමෙන් මාස දෙකකට පසුව වැඩුණු සමනළුන් 144 දෙනෙකු යොදා ගනිමින් මෙම අධ්‍යනය සිදු කර තිබේ. බී.බී.සි. ලෝක සේවය පැවසූවේ, අධ්‍යනයන සඳහා ෆුකුෂිමා ප්‍රදේශය ඇතුළුව ජපානයේ ස්ථාන නවයකින් එම සමනළුන් රැස් කර අති බවයි. ෆුකුෂිමා බලාගාරයේ සිදු වූ විකිරණ කාන්දුව සහ මෙම සමනළුන්ගේ අසාමාන්‍ය ස්වරූපය අතර සම්බන්ධතාවක් ඇති බවට විද්‍යාගාර පර්යේෂණවලින් ද පෙනී ගොස් ඇති බව අධ්‍යනය කළ විද්‍යාඥයින්ගේ වාර්තාවේ දැක්වේ.

No comments:

Post a Comment