Monday, 13 August 2012

විභාග සම්බන්ධීකාරකවරයෙකු තනතුරින් ඉවතට

කොළඹ ප්‍රධාන පෙළේ පාසලක විභග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක සම්බන්ධීකරණ නිලධාරිවරයකු තනතුරින් ඉවත් කර තිබේ. විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසුවේ, ඊයේ පැවති උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයකට අදාළව ‍නිකුත් කළ ආධාරක සටහනක නිවැරදි කිරීමක් විභාග ශාලාධිපතිවරුන්ට ලබා නොදීම සම්බන්ධයෙන් අදාළ පියවර ගත් බවයි. භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ආධාරක සටහනකට අදාළව මෙම නිවැරදි කිරීම, ශාලාධිපතිවරුන්ට ඊයේ දිනයේ ලබා දෙන ලෙස පසුගිය සෙනසුරාදා සම්බන්ධීකරණ මධ්‍යස්ථානවල නිලධාරීන්ට උපදෙස් දී තිබේ. එහෙත් අදාළ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ නිලධාරිවරයා මෙම උපදෙස් පිළිපැද නොමැති බව විභාග කොමසාරිස්වරයා පැවසීය. ඔහු පැවසුවේ, අදාළ නිලධාරියාවරයා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ද පැවැත්වෙන බවයි.

No comments:

Post a Comment