Thursday, 2 August 2012
තඹුත්තේගම පොලීසිය අසල නොසන්සුන්
රිය අනතුරකින් මියගිය කාන්තාවකගේ දේහයක් රැගෙන තඹුත්තේගම පොලීසිය ඉදිරිපිට විරෝධතාවක නිරත වන ප්‍රදේශවාසීන් පිරිසක් පාලනය කිරීමට පොලිසිය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.
අප වාර්තාකරු පවසන්නේ, විරෝධතාවේ පැමිණි පිරිසෙන් කිහිප දෙනෙකු පොලිස්ථානයේ ප්‍රධාන දොරටුව කඩාගෙන පොලිස්ථානයට ඇතුළු වූ බවයි.
විරෝධතාකරුවන් පොලීසිය දෙසට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කළ බවත් මේ වන විට දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇති බවත් වාර්තා වේ.
අදාළ රිය අනතුරට සම්බන්ධ සැකකරුට ඇප ලබා දීමට එරෙහිව නිරත මෙම විරෝධතාව හේතුවෙන් මේ වන විට කුරූණෑගල - අනුරාධපුර මාර්ගය අවහිර වී ඇති බව ද අප වාර්තාකරු පවසයි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment