Wednesday, 1 August 2012
සියෝන්ජුන් ලෝක වාර්තා දෙකක්
ලන්ඩන් ඔලිම්පික් උළෙලේ නව ලෝක වාර්තා දෙකක් පිහිටුවීමට චීන බර ඉසිලීමේ ක්‍රීඩක ලූ සියෝන්ජුන් සමත් විය.
පිරිමි කිලෝග්‍රෑම් 77 බර පන්තිය නියෝජනය කළ සියෝන්ජුන් නව ලෝක වාර්තාවක් පිහිටුවුයේ, කිලෝග්‍රෑම් 379ක සමස්ත බරක් ඔසවමිනි.
මෙහිදී ඔහු ස්නෙච් ක්‍රමයට කිලෝග්‍රෑම් 175ක බරක් එසවූ අතර එය ද නව ලෝක වාර්තාවක් විය.
ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට ඔහු කිලෝග්‍රෑම් 204 ක් එසවීය.
මෙම ඉසව්ව රිදී පදක්කම ද චීනයේ ලූ හඹ්ජි දිනා ගත් අතර ලෝකඩ පදක්කම හිමි වූයේ, කියුබාවේ අයිවන් කැම්බරාටයි.
ඒ අතර හංගේරියා පිහිනුම් ක්‍රීඩක චැනියෙල් ග්වේර්තා මීටර් 200 ලයආර ඉසව්වේදී නව ලෝක වාර්තාවක් බිහි කළේය.
ඒ එම ඉසව්ව මිනිත්තු 2යි තත්ත්පර 7.28කින් නිම කරමිනි.
රිදී පක්දක්කම බ්‍රිතාන්‍යයේ මයිකල් ජෙම්සන්ටත් ලෝකඩ පදක්කම ජපානයේ රියෝ තතේසීටත් හිමි වූහ.
මෙම ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන ජපානයේ කොසුකේ කිතජිමාට හිමි වූයේ සිව්වැනි ස්ථානයයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment