Wednesday 22 August 2012

උත්තර පත්‍ර බලන්න වෙන්නෙ ඇමැති දෙබානටම තමයි

විශ්ව විද්‍යල ආචාර්‍ය සමිති සම්මේලනය හා මුදල් අමාත්‍යාංශ ලේකම් වරයා අතර අද(22) පැවැති සාකච්ඡාද අසාර්ථකවී ඇත. මේ අනුව මෙවර උසස් පෙළ විභාග උත්තර පත්‍ර පරික්ෂාව පිළිබඳ ගැටලුවට විසදුමක් ලබා ගැනීම තවදුරටත් ප්‍රමාදවනු ඇත. මේ අතර ලංකා ගුරු සේවා සංගමය හා ලංකා ගුරු සංගමය ප්‍රකාශ කරන්නේ විශ්ව විද්‍යාල ආචාර්යවරු උසස්පෙළ උත්තර පත්‍ර පරික්ෂාවට සම්බන්ධ නොවේ නම් ගුරුවරුද ඒ සඳහා සම්බන්ධ නොවෙන බවට තම සංගම් තිරණය කර ඇති බවය. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ,විශ්ව විද්‍යාල ආචාර්යවරුන් නොමැතිව එකී කටයුත්තට අන් කිසිවෙකු දායකකර ගැනීම සුදුසු නොවන බවත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් නොමැතිව ගුරුවරුන් හෝ විශ්‍රාමික අධ්‍යාපන නිලධාරීන් යොදවා පිළිතුරු පත්‍ර ඇගයීම සිදුකරනු ලැබුවහොත් එහි විශ්වසනීයත්වය පළුදුවන බවත්,උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේදී එහි ප්‍රධානතම කාර්ය භාර්ය ඉටුකරනු ලබන්නේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් බවත් අවධාරණය කළේය. එසේම මේවන විට අධ්‍යාපන ක්ෂේත්‍රයට වසරකට 6% ක ප්‍රතිපාදන වෙන්කරවා ගැනීම,වැටුප් ප්‍රශ්නය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මේවන විට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට තමන් 100%ක සහය පළකරන බවද ස්ටාලින් මහතා වැඩිදුරටත් කියා සිටියේය. එමෙන්ම ගුරු-විදුලහල්පති වැටුප් විෂමතා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් 13 ක් කෙරෙහි යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් 3 වන පාසල් වාරය ආරම්භයේ සිට දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත්කරන බව ලංකා ගුරු සංගමය පවසයි.

No comments:

Post a Comment