Wednesday 22 August 2012

ඕමල්පේ සෝභිත හිමි කළේ නින්දිත සහ අසත්‍ය ප්‍රකාශයක් - අජිත් රෝහණ

කෞතුකාගාරයේ භාණ්ඩ සොරකම සම්බන්ධයෙන් ඕමල්පේ සෝභිත හිමි කර ඇත්තේ අසත්‍ය සහ නින්දිත ප්‍රකාශයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසා ඇත. අජිත් රෝහණ මහතා මේ බව පවසා ඇත්තේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනි. එම නිවේදනයේ සඳහන් වන්නේ ‘‘එම නින්දිත සහ ව්‍යාජ ප්‍රකාශය ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකින අතර මෙවැනි සුවිශේෂී අපරාධයක් විසඳු මොහොතක මේ රටේ ජනතාව නොමග යැවීමට ඒ කර ඇති ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව පවසා සිටිමි‘‘. නමුත් ඕමල්පේ සෝභිත හිමියන් පවසා ඇත්තේ කෞතුකාගාර සොරකම සම්බන්ධයෙන් කුඩුකාරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීම පොලීසිය හිතාමතාම කළ ප්‍රෝඩාවක් බවයි. එහිදී උන්වහන්සේ වැඩිදුරටත් පවසා ඇත්තේ ‘‘ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ඝාතනයේදී හැඳුනුම්පත් සාක්කුවේ දැමූ මළසිරුරක් වැරදිකරු වූවා සේ ජාතික කෞතුකාගාරයේ හොරකම අවසානයේදී කුඩුපැකට්ටුවක් වැරදිකරු වි ඇති බවයි‘‘.

No comments:

Post a Comment