Friday, 3 August 2012

ඉරානයත් අභ්‍යාවකාශයට

ඉරානය වඳුරෙකු අභයවකාශයට යැවීමට සූදානම් වෙමින් පවතින බව වාර්තා වේ. එය මෙම රාමසාන් සමය තුළදී සිදුකිරීම තම බලාපොරොත්තුව බව ඉරාන අභ්‍යවකාශ ඒජනසිය පවසයි. ඒ අනුව කවොෂ්ගාර් - 5 නම් වූ රොකට්ටුව මගින් මේ මාසය අගදී මෙම වඳුරා අභ්‍යවකාශයට යැවීමට සියළු කටයුතු සූදානම් වෙමින් පවතී. ඊට අදාළ සියළුම පර්යේෂණ කටයුතු මේ වන විටත් අවසන් කර ඇතැයි එම ඒජන්සිය පවසයි. මෙලෙස වදුරෙකු අභ්‍යවකාශයට යැවීමට ඉරානය සුදානම් වූයේ පසු ගිය මාර්තු මාසයේය. එහෙත් පර්යේෂණ කටයුතු හේතුවෙන් එය ප‍්‍රමාද විය. 2010 වසරේදී දියත් කළ එම රොකට්ටුව මගින් මීයකු, ඉබිබෙකු, හා පණුවන් කීප දෙනකු අභ්‍යවකාශයට යැවීමට ඉරානය සැලසුම් කළේය. බටහිර ආර්ථික සම්බාධක හා ඇමරිකාව හා ඊශ‍්‍රාලය එකතු වී සිදුකරන තාක්‍ෂණ අවහිරතා මධ්‍යයේ පවා ඉරානය තම අභ්‍යවකාශ ව්‍යාපෘතිය සාර්ථකව සිදුකරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි

No comments:

Post a Comment