Thursday, 2 August 2012
ලෝක විනාශය දා බොලීවියාවෙන් Coca-Cola ඉවතට
මේ වසරේ දෙසැම්බර් වනවිට බොලීවියාවෙන් කොකාකෝලා සමාගම නෙරපීමට එරට ආණ්ඩුව තීරණය කර ඇත. මායා කැලැන්ඩරය අනුව 2012 දෙසැම්බර් 21 දා ලෝක විනාශය සිදුවන බව අනාවැකි පළකර ඇති අතර එදින එක්සත් ජනපද ධනවාදය සංඛේතාත්මකව ප්‍රතික්ෂේප කරමින් කොකාකෝලා සමාගම ඉවත්කිරීමට බොලීවියානු ආණ්ඩුව සූදානම්වේ.
කොකාකෝලා වෙනුවට ඵලතුරු යුෂ පානයක් හඳුවා දීමට බොපීවියාව කටයුතුකරගෙන යයි. ඇමරිකානු බීම වෙනුවට මෙවැනි ඵලතුරු පානයන් හඳුන්වාදීමට වෙනිසිසුලාවද කටයුතු කරමින් සිටී. එකඳු මැක්ඩොනල්ඩ් අවන්හලක් හෝ නොමැති දෙවන ලතින් ඇමරිකානු රාජ්‍ය ලෙසට බොලීවියාව ගියවසරේදී පත්විය. මේ අතර කොකෝ පත්‍ර පරිභෝජනය නීතිගත කිරීමට ජනාධිපති ඊවාමොරාලේස් පසුගියමාසයේ සිට කටයුතුකළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය 1961දී කොකෝ පත්‍ර නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කළේය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment