Thursday, 2 August 2012

කොෆී අනන් ඉල්ලා අස්වෙයි

සිරියා අර්බුදය විසදිමට පත් කෙරුණු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ අරාබිලීගයේ වි‍ශේෂ නියෝජිත කොෆී අනන් මහතා ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇතැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් මහතාව උපුටා දක්වමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත පවසයි. මේ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරන බැන්කි මූන් මහතා පවසන්නේ අගෝස්තු අවසානයේ තම ධූර කාලය අවසන් වන බව කොෆී අනන් තමන්ට පැවසූ බවය. එය දීර්ඝ කර ගැනීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නැති බව ද කොෆී අනන් මහතා පවසා තිබේ. මාස 17ක් තිස්සේ ගෙනයන සිරියානු ජනාධිපතිවරයාට එරෙහි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තමන් කළකිරී ඇතැයි කොෆී අනන් මහතා බැන්කි මූන් මහතා හමුවේ පවසා ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පවසයි.

No comments:

Post a Comment