Monday, 6 August 2012
එජාප නායකට සහ මහ ලේකම්ට වාරණයක්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 6 දෙනෙකු පක්ෂයෙන් ඉවත් කිරීම වළකමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහ පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට කොළඹ පළාත් බද සිවිල් අභියාචනාධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළේය.
ඒ අදාළ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
ගලෙන්බිදුණුවැව, රඹෑව, තිරප්පනේ, කැකිරාව, ඉපලෝගම සහ කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු මෙම පෙත්සම ගොනු කර තිබුණි.
පෙත්සම්කාර මන්ත්‍රීවරුන් අධිකරණයට දැනුම් දුන්නේ ජනාධිපතිතුමාගේ සංවර්ධන වැඩපිළිවළට තමන් ප්‍රශංසා කිරීම මත සිය පක්ෂ සාමාජිකත්වය අහිමිකිරීමට හෝ විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ඇති බැවින් මෙම පෙත්සම ගොනු කළ බවයි.
ඒ අනුව අදාළ මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියාකිරීම වළක්වමින් එක්සත් ජාතික පක්ෂ නායකයාට එහි මහලේකම්වරයාට වාරණ නියෝගය නිකුත් කෙරුණු අතර එය ලබන 20 වන දින තෙක් බලපැවැත්වෙනු ඇති.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment