ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නාසා ආයතනය නිර්මාණය කළ අති නවීන කියුරියෝසිටි (කුතුහලය) රොබෝ යානය අඟහරු ග්‍රහයාගේ ගේල් ආවාටය වෙත ගොඩ බැස්වීය.
පසුගිය වසරේ නොවැම්බර් 27 වැනිදා ප්‍රථිවියෙන් ගමන් ආරම්භ කළ එය අඟහරු වෙත ළඟා වුයේ, කිලෝමීටර් මිලියන 570ක දුරක් ගෙවමිනි.
ටොන් එකක් බරැති අදාළ යානය නිම කිරීම සඳහා වැය වී ඇති මුදල අමෙරිකා ඩොලර් බිලියන 2.5 කි.
අඟහරු ග්‍රහයාගේ ජීවය සොයා ගිය මෙම ගමන මානව ඉතිහාසයේ සන්ධිස්ථානයක් වනු ඇති බව නාසා විද්‍යාඥයෝ පවසති.
No comments:
Post a Comment