අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වන තෙක් රාත්‍රී කාලයේ විදුලිය විසන්ධි කිරීම් නොකිරීමට ලංකා විදුලබල මණ්ඩලය තීරණය කර තිබේ.
එහි උප සභාපති අනුර විජේපාල මහතා පැවසුවේ, උසස් පෙළ හදාරන සිසුන්ට අපහසුවකින් තොරව තම කටයුතු සිදුකරීමට අවස්ථාව සැලසීම මෙහි අරමුණ බවයි.
ඒ අනුව දිවා කාලයේ විදුලිය විසන්ධි කිරීමෙන් ඉතිරි කරගත් ජල ප්‍රමාණය රාත්‍රී කාලයේ විදුලි උත්පාදනයට වැය කරන බව ද ඔහු සඳහන් කළේය.
නොරොච්චෝලේ බලාගාරය යළි පණගන්වන තෙක් දිවයින පුරා විදුලිය විසන්ධි කිරිම කාණ්ඩ කිහිපයක් යටතේ තවදුරටත් සිදුවන බව ද උප සභාපතිවරයා පැවසීය.
No comments:
Post a Comment