Tuesday, 14 August 2012

කෙටි පණිවුඩයෙන් පැමිණිලි කරන්න

දුරකතන කෙටි පණිවුඩ මගින් ‍පොලීසිය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ, ලබන මස තුන්වැනිදා සිට එම ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙන බවයි. ඒ අනුව දුරකතන කෙටි පණිවුඩ ඔස්සේ විවිධ අපරාධ සම්බන්ධයෙන් පොලීසිය වෙත ‍තොරතුරු ලබාදීමට ද මහජනතාවට අවස්ථාව ලැබෙන බව ඔහු සඳහන් කළේය. දැනට 119 අංකය වෙත දිනකට දුරකතන ඇමතුම් 6,500 ක් පමණ ලැබෙන අතර ඉන් 4,300 ක්ම නිර්නාමික ඇමතුම් බව පොලීසිය පවසයි. එබැවින් පොලිසිය ඉල්ලා සිටින්නේ ඉහත සේවාව හදිසි අවශ්‍යතා සහ සත්‍ය කරුණු දැන්වීම සඳහා පමණක් යොදා ගන්නා ලෙසයි.

No comments:

Post a Comment