Monday, 13 August 2012

ආනයනික ලොකු ළූනු සහ අර්තාපල් සඳහා බදු නංවයි

ආනයනික ලොකු ළූනු සහ අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ බද්ද අද සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කරන ලෙස ජනාධිපතිතුමා නියෝග කර ඇත. මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය නිවේදනය කළ පරිදි, මෙවර යල කන්නයේ දේශීය ලොකු ළූනු සහ අර්තාපල් අස්වනු මෙම මස මැද භාගයේ සිට වෙළෙඳපොලට ලැබීමට නියමිත බැවින් දේශීය ගොවියා හට සාධාරණ මිලක් සහතික කරනු පිණිස මෙම පියවර ගෙන ඇති බවය. ඒ අනුව, ආනයනික ලොකු ළූනු කිලෝග්‍රෑම් 1 ක් සඳහා රුපියල් 25 ක්ව පැවැති බද්ද රුපියල් 50 දක්වා වැඩි කෙරේ. ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් 1 ක් සඳහා පැවැති රුපියල් 10 ක බද්ද රුපියල් 30 දක්වා වැඩි කර ඇත.

No comments:

Post a Comment