Monday, 13 August 2012

සටන් පාඨ පෙන්වූ දකුණු කොරියානු පාපන්දු ක්‍රීඩකයාට තහනමක්

ජපානයට එරෙහි දකුණු කොරියානු ජය සමරන අතර ජපානය සමග මතභේදයට තුඩු ඇති දූපතක කොරියානු අයිතිය පිළිබඳ සටන්පාඨයක් ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් දකුණු කොරියානු පාපන්දු ක්‍රීඩකයෙකු පදක්කම් ප්‍රදානෝත්සවයෙන් ඉවත් කරනු ලැබ තිබේ. ඔලිම්පික් ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවති මෙම තරගයේදී 2-0 වශයෙන් ජය ලැබීමට ද. කොරියාව සමත් විය. තරගය හමාරවීමෙන් පසු මෙම ඩොක්ඩෝ දූපත ‍දකුණු කොරියාවට අයත් බව තහවුරු කරන සටන් පාඨය ප්‍රදර්ශනය කර ඇති අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසන්නේ ක්‍රීඩකයින්ට තරග අතර දේශපාලන ප්‍රකාශ කිරීම තහනම් බවය. දකුණු කොරියානු ජනාධිපතිවරයා පසුගියදා ජපානය විසින්ද තකේෂිමා නමින් අයිතිය කියාපාන මෙම දූපතේ සංචාරයක නිරත වූ අතර එම සිදුවීම දෙරට අතර සබඳතා බරපතළ ලෙස පළුදු කරවා තිබේ. ඒ හේතුවෙන් ජපානය ද. කොරියා අගනුවර සෝල්හි සිටි තම තානාපතිවරයා ආපසු කැඳවා ගැනීමටද පියවර ගත්තේය. ජපානය ‍ඓතිහාසික වශයෙන් තමන්ට අයත් බව කියා සිටින අතර 1954 සිට දකුණු කොරියාව විසින් අත්පත් කර ගෙන ඇති මෙම ජනශුන්‍ය දූපත අවට මත්ස්‍ය හා ගෑස් සම්පත බහුල බව කියැවේ

No comments:

Post a Comment