Sunday, 12 August 2012

චීනයේ සිහිනය බොඳ වන ලකුණු

2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ චීනය තබා තිබූ බලාපොරොත්තු බිඳ හෙලමින් මේ නව විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට අමෙරිකාව සමත්ව සිටී. ඒ අනුව අමෙරිකාව ලන්ඩන් ඔලිම්පික් උළේලේ රන් පදක්කම් 44ක් රිදී පදක්කම් සහ ලෝකඩ පදක්කම් 29 බැගින් ලබා ගනිමින් සමස්ත පදක්කම් 102කට උරුමකම් කියයි. දෙවන ස්ථානය දක්වා පසුබැස සිටින චීනය රන් පදක්කම් 38ක් ද රිදී පදක්කම් 27ක් ද ලෝකඩ පදක්කම් 22ක් ද සමග සමස්ත පදක්කම් 87ක් හිමි කර ගෙන සිටී. පදක්කම් සටහනේ තෙවන ස්ථානයට පත්ව සිටින සත්කාරක බ්‍රිතාන්‍යට හිමි රන් පදක්කම් ගණන 28කි. රිදී පදක්කම් 15 ක්, ලෝකඩ පදක්කම් 19ක් ද සමග ඔවුන් හිමි කර ගෙන සිටින සමස්ත පදක්කම් එකතුව 62 කි.

No comments:

Post a Comment