Sunday 12 August 2012

විදුලි සේවකයෝ තවදුරටත් වැඩ වරති

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විදුලි සේවකයෝ තවදුරටත් සිය වැඩවර්ජනයේ යෙදෙමින් සිටිති. ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය සහ එහි තාක්ෂණ සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ පෙරමුණ එක්ව පසුගිය සිකුරාදා මෙම වැඩවර්ජනය ආරම්භ කළේය. ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසුවේ වැඩවර්ජනය නිමා කිරීමට නම් සිය ඉල්ලීම්වලට අදාළව රජය ලිඛිත පොරොන්දුවක් දිය යුතු බව ය. මේ අතර, වෘත්තිය සමිතිවල මූලික ඉල්ලීම් සඳහා විසඳුම් සැපයීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති අනුර විජේපාල මහතා පැවසී ය.

No comments:

Post a Comment