Sunday 12 August 2012

ස්වාසීලන්ත රජු මෙරට සංචාරයක

අප්‍රිකානු රාජ්‍යයක් වන ස්වාසීලන්තයේ තුන්වැනි ම්ස්වාතී රජතුමා තෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිත ය. විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන පරිදි, ශ්‍රී ලංකාව සහ ස්වාසීලන්තය අතර ද්වීපාර්ශ්වීය සබඳතා තහවුරු කර ගැනීම රජුගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණකි. සිය සංචාරය තුළදී, ජනාධිපතිතුමා සහ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට රජු අපේක්ෂා කරයි. ම්ස්වාතී රජු සමග ස්වාසීලන්තයේ මුල් පෙලේ ව්‍යාපාරික දූත පිරිසක් ද දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

No comments:

Post a Comment