Friday 3 August 2012

උ/පෙළට යන සිසුන් වෙනුවෙන් පු.ලි.දෙ. හෙට විවෘතයි

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා හෙට දිනයේ සිය දෙපාර්තමේන්තුව විවෘත කර තබන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් ජගත් වීජේවීර මහතා පැවසුවේ හැඳුනුම්පත් ලබා ගැනීමට සිසුන් පැමිණිම අත්‍යාවශ්‍ය නොවන බවයි. එහිදී මතු වන ගැටලු විසදා ගැනීමට සඳහා කවුළු කිහිපයක් විවෘතව තබන බව ද ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment