Monday, 13 August 2012

අධිකරණයේ පෙනී සිටින්නැයි ඇමති රිෂාඩ් ට නොතීසි

මේ මස 27 වෙනිදා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින්නැයි අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් මහතාට අද නොතීසි නිකුත් කෙරිණ. එසේ නොතීසි නිකුත් කෙරුණේ මන්නාරම මහේස්ත්‍රාත්වරයාට දුරකතනයෙන් බලපෑම් කළ බව කියන සිද්ධියට අදාළවය. එම සිද්ධියට අදාළ නඩුව පානදුර මහේස්ත්‍රාත් ආර්. එස්. ඒ. දිසානායක මහතා හමුවේ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගැනිණ. මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතාවක යෙදෙමින් එහි දේපොළවලට හානි කළ පුද්ගලයින් ද වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පානදුර මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

No comments:

Post a Comment