Friday, 3 August 2012

බ්‍රිතාන්‍යයෙන් ලෝක වාර්තාවක්

ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ගෘහස්ත පා පැදි පිරිමි ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට බ්‍රිතාන්‍ය අද සමත් විය. බ්‍රිතාන්‍ය කණ්ඩායම එම ඉසව්ව නිම කළේ, තත්පර 42.60කිනි. එහි රිදී පදක්කම ප්‍රංශයට හිමි වූ අතර ලෝකඩ පදක්කම දිනාගත්තේ, ජර්මනියයි. මෙම තරගය නැරඹීමට රාජකීය පවුලේ සාමාජිකයෝ කිහිපදෙනෙක් ද පැමිණ සිටියහ. මේ වන විට සත්කාරක බ්‍රිතාන්‍යට රන් පදක්කම් 5ක් හිමි කර ගෙන සිටී. ඒ අතර පිරිමි කේවල ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව තරගය සඳහා ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩ්රර් සුදුසුකම් ලැබීය. ඒ වට 2ට 0ක් ලෙස ප්‍රංශයේ ජෝ විල්ෆ්‍රඩ් සොංගා පරාජය කරමිනි. සිව් දෙනෙකුගෙන් සමන්විත ඔරු පැදීමේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. ඔවුන් එම ඉසව්ව නිම කිරීමට ගත කළ කාලය මිනිත්තු 6 තත්පර 2කි. දෙවැනි ස්ථානය බ්‍රිතාන්‍යයටත් තෙවැනි ස්ථානය ඩෙන්මාර්කයටත් හිමි විය. ඒ අතර සත්කාරක බ්‍රිතාන්‍ය පිරිමි පැසිපන්දු කණ්ඩායම ඊයේ ස්පාඤ්ඤ හමුවේ එක් ලකුණකින් පරාජයට පත් විය. ස්පාඤ්ඤ ලකුණු 79ක රැස්කළ අතර බ්‍රිතාන්‍ය රැස් කළේ, ලකුණු 78ක් පමණි.

No comments:

Post a Comment