Wednesday 8 August 2012

නොරොච්චෝලේ යළි නවතී

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ මෙහෙයුම් කටයුතු අද පෙරවරුවේ ස්වංක්‍රීයව නතර වී තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ, සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් එම මෙහෙයුම් කටයුතු නතර වී ඇති බවයි. දැනට විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් අදාළ දෝෂය හඳුනා ගැනීම සඳහා කටයුතු කරගෙන යන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසීය. එම අමාත්‍යාංශය පැවසුවේ මේ වනවිට මෙගාවොට් 250 ක පමණ විදුලි ධාරිතාවයේ අඩුවක් පවතින බවයි. එම ප්‍රමාණය සපුරාලීම සදහා විකල්ප ක්‍රියාමාර්ගවලට එළැඹීමට පියවර ගෙන ඇති බව ද එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.

No comments:

Post a Comment