ශබ්දයේ වේගය මෙන් හය ගුණයක වේගයෙන් පියාසර කළ හැකි ගුවන් යානයක් අත්හදාබැලීමේ අමෙරිකානු උත්සාහය අසාර්ථක වී තිබේ.
වේව් රයිඩර් ලෙසින් නම් කර තිබූ එම හයිපර්සොනික් යානය පැයට කිලෝමිටර් 6,900 ක වේගයෙන් ගමන් කරවීමට සැලසුම් කර තිබුණ ද ඊට ගත හැකි වූ උපරිම වේගය පැයට කිලෝමීටර් 5,795කි.
යානය ගුවන්ගත කර සුළු වේලාවකින් එය අතුරුදන් වූ බව අමෙරිකානු විද්‍යාඥයෝ පවසති.
හයිපර්සොනික් ජෙට් යානයක් අත්හදාබැලීම අසාර්ථක වූ දෙවන අවස්ථාව මෙය වේ.
No comments:
Post a Comment