Tuesday, 14 August 2012
ජලය ඉල්ලා ගොවීහු මහ මග අවහිර කරති
තම වගා බිම්වලට ජලය ලැබෙන ඇළ මාර්ගය හරස් කිරිම නවතා ඊට නිශ්චිත විසදුමක් දෙන්නැයි, ඉල්ලමින් සූරියවැව ගොවීන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත විය.
ප්‍රදේශයේ ගොවි සංවිධාන 31 ක නියෝජිතයින් අද පෙරවරුවේ කටුවැව මංසන්ධියට පැමිණ එලෙස උද්ඝෝෂණයේ නිරත විය.
ඔවුන් පැවසූවේ, උඩවලව වම් ඉවුර ඇළ හරස් කිරිම නිසා ජලය නොලැබීමෙන් මහපැලැස්ස, බැදිගම්තොට හා මිණිවැල් ආර ඇතුළු ප්‍රදේශ රැසක ගොයම විනාශ වී ඇති බවයි.
කටුවන මංසන්ධියේ සිට කටුවැව පාලම අසලට පැමිණි පිරිස එහිදී උද්ඝෝෂණය කළේ, කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයද අවහිර කරමිනි.
ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල විය.
අනතුරුව යුද හමුදාව සහ පොලීසිය මැදිහත්ව විරෝධාතාකරුවන් මාර්ගයෙන් ඉවත් කිරීමට පියවර
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment