Thursday 9 August 2012

කෘත්‍යාධිකාරි මණ්ඩලය නීතිඥ සංගමයට පත් කළ නිලධාරීට වාරණයක්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ජාතික නීතිඥ සංගමයට අලුතින් පත් කරන ලද නිලධාරී මණ්ඩලයේ කටයුතු වළකමින් කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළ බව ජාතික නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය පවසයි. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහේන් ගුණසේකර මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම වාරණ නියෝගය නිකුත කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් නව නිලධාරීන් ලෙස තිලක් මාරපන, ශ්‍රීනාත් පෙරේරා, ගෞරි තවරාසා සහ රොනල්ඩ් පෙරේරා යන මහත්මහත්මින් පත් කර තිබුණි.

No comments:

Post a Comment