Thursday 9 August 2012

ඇමරිකානුවන් පරදා ඇමරිකානුවන්ට ජය

අමෙරිකාවේ මිස්ටි මේ ට්‍රෙනෝර් සහ කෙරී වොල්ෂ් තෙවැනි වරටත් බීච් වොලිබෝල් කාන්තා ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම දිනා ගත්තෝය. ඔවුන් හමුවේ පරාජය වූයේ, ඇමරිකාවේම ක්‍රීඩකාවන් දෙදෙනෙකි. ලන්ඩන් ඔලිම්පික් උළෙලේ බීච් වොලිබෝල් කාන්තා ඉසව්වේ අවසන් තරගය ඊයේ රාත්‍රියේ පැවැත්විය. එහිදී අවස්ථා දෙකකදී ඔලිම්පික් රන් පදක්කම් දිනූ මිස්ට් මේ ට්‍රෙනෝර් සහ කෙරී වොල්ෂ්ගේ ප්‍රතිවාදීන් වූයේ ජෙනිෆර් කෙසී සහ එප්‍රිල් රොස්ය. මිස්ටි සහ කෙරී වට 2ට 0 ක් ලෙස පහසුවෙන් තරගය ජය ගත්හ. එම වට දෙකෙහිම ලකුණු තත්ත්වය දැක්වුණේ, 21ට 16ක් ලෙසයි. ඒ අතර බීච් වොලිබෝල් කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම වට 2ට1ක් ලෙස චීනය පැරදූ බ්‍රසීලයට හිමි විය.

No comments:

Post a Comment