හෘදයාබාධ හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් 150 දෙනෙකුට අධික සංඛ්‍යාවක් මියයන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
එම අමාත්‍යංශය පැවසුවේ මෙරට දෛනිකව සිදුවන කාන්තා මරණවලින් තුනෙන් එකකට හේතුව හෘදයාබාධය වන බවයි.
ඒ අතර අදට යෙදී තිබෙන ලෝක හදවත් දිනය එකම ලොවක්, එක් නිවසක්, එකම හදවතක් යන තේමාව යටතේ සමරනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
හදවත් රෝග වැළැක්වීම සඳහා දිනපතා ශාරිරික ව්‍යායාම මෙන්ම පළතුරු හා එළවළු ආහාරයට ගැනීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්, වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
No comments:
Post a Comment