මගී ප්‍රවාහන බස් රථවල සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරින් යෙදවීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම එහි ප්‍රධාන අරමුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.
බීමත්ව රිය පැදවීම හේතුවෙන් සිදුවන අනතුරු සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේය.
අජිත් රෝහණ මහතා පැවසුවේ, වසරේ ගතවූ කාලය තුළ එවැනි රියදුරන් විසි තුන්දහසකට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
No comments:
Post a Comment